කෑම සහ දුම්රිය රියදුරා....පරීක්ෂණයේ ප්‍රගතිය අද
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ධාවනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්.
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට නොලැබීමෙන් කුපිත වූ එම රියැදුරු දුම්රිය ධාවනය නොකර විවේකාගාරයේ රැඳී සිටීම හේතුවෙන් මගීන් පැය ගණනක් දැඩි අපහසුතාවයට පත්වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්. විමර්ශනයෙන් පසු දුම්රිය රියදුරුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.