විදුලි බිලේ වැඩි වීමක් වෙයිද? බලශක්ති ඇමති පාර්ලිමේන්තුව උණුසුම් කරමින් කළ හෙළිදරව්ව මෙන්න

Report

සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අරුණ කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබේ .

අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

ඔහු එහිදී යළිත් පෙන්වා දුන්නේ අවසන්වරට සිදුකළ විදුලිය ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම  ඒකක  180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට එල්ල වන බව සෙසු පාරිභෝගිකයින් සඳහා වන රුපියල් බිලියන 15ක සහනාධාරයක් ආණ්ඩුව විසින් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එතුමා තව දුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්  

 "ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇති වුණ තත්ත්වය තුළ තවදුරටත් විදුලිබිල ඉහළ යයි ද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා, මේ මිල ඉහළ යනකොට මේකේ ඍජු බලපෑම තියෙන්නේ, ඒකක 180ට වඩා වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි. අනිත් අයගේ බර රජය විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. මට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන්. සැප්තැම්බර් මාසය වනතුරු විදුලිබිල ඉහළ දාන්න අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ."    

''ඉතා සීඝ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන්'' මුජිබර් ගෙන් අනතුරු ඇගවීමක්

''ඉතා සීඝ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙමින් යනවා මේක භයානක වෙන්න පුළුවන්'' මුජිබර් ගෙන් අනතුරු ඇගවීමක්