කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා විසින් අද (18) දින පාර්ලිමේන්තුවේදී ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කරණයට කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කළා.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
මෙහිදී ගුවන් හමුදාවේ ගුවන් යානා රැසක් අබලන් වී ඇති බවද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විනය ගරුක හමුදාවක් බවද සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
" 2030 ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් අපි විශේෂ කමිටුවක් පත් කරනවා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඒ අනුව ඉදිරි වර්ෂ පහ ඇතුළත ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අපේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සංවර්ධනයට අනුකූලව. මමත් රණවිරුවෙක් මම දන්නවා රණවිරුවන්ගේ අවශ්‍යතාවය අභිමානය ඔවුන්ගේ අනන්‍යතාවය, කොහොමද රණවිරුවන්ව පාවිච්චි කළේ පසුගිය කාලවල. ඔවුන්ගේ ආබාධිත, මියගිය, වැන්දඹු, අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ගිය අයගේ වැටුප්, ස්ථාවර දීමනා, ඒ සියලුම දීමනා ඒ වගේම ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොපැමිණ සිටින සියලුම අයවලුන්ගේ ගෙවීම් විශ්‍රාම වැටුප් දීමනා සියල්ලක්ම සම්බන්ධයෙන් අපි විශේෂ කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා අවශ්‍ය අය ඒක කතා කරල කැබිනට් පත්‍රිකාවක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් මේ කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් කොහෙවත් අත්හිටුවල නෑ. අපි විශේෂ සැලකිල්ලක් අරගෙන තියෙනවා රණවිරුවන්ට ලැබෙන්න තියෙන සියලුම දීමනා සම්බන්ධයෙන්. විශ්‍රාම ගිය වගේම විශ්‍රාම යන්න ඉන්න රණවිරුවන්ටත් අපි විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා වෘත්තීය වැඩ පිළිවෙළක් හදලා තියෙනවා වෘත්තීය මට්ටමෙන් ඔවුන්ට තියෙන හැකියාවන් සැලකිල්ලට ගෙන රණවිරු ව්‍යවසායක අභිමන් යනුවෙන් ක්ෂේත්‍ර 28ක් තෝරාගෙන ඒ කටයුතු කරන්න අපි විශේෂ වැඩපිළිවෙළක් යොදාගෙන තියෙනවා. " යනුවෙන්.