බිහිසුණු වෙඩි තැබීමේ උණුසුම යන්නටත් පෙර තවත් දෙදෙනෙකුට තියුණු ප්‍රහාරයක්
නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.