"නිපා වෛරසය" ගැන මෙරට සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක්..
නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටිනවා.
මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාව තුළ පැතිරයාමත් සමඟ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මෙම තත්වය හමුවේ පැතිර යන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති අද ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමීව පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා රජයේ රෝහල් 70ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායකයින් ඊට එක්වන අතර සෞඛ්‍ය සේවයේ මානව සම්පත් හිඟය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් එම විරෝධතා ක්‍රියාත්මක බවයි විරෝධතාවයේ නිරතවීමට සූදානමින් සිටින පාර්ශවයන් පවසන්නේ.
