මාරාන්තික නිපා ගැන ඇහෙන තවත් භයානක කතාවක්..
By krishani
මේ වනවිට නිපා වෛරසය ඉන්දියාවේ මෙන්ම තවත් රටවල් රැසක ව්‍යාප්ත වී තිබෙනවා.
ඒ අනුව බංගලාදේශය සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතීර යන්නේ සිව්වන බවට වන අතර නිපා වෛරසය යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වේ.
මෙය අනාවරණය වූ පළමු රට මැලේසියාව වන අතර උණ,දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම සමහර අයට පපුවේ ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකි ය.
මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් හා නරියන්ගෙන් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉහළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.