ගුවන් අනතුරකින් නවයක් ජිවිතක්ෂයට.

By krishani Jul 24, 2023 11:44 AM GMT
Report

සුඩානයේ ගුවන් තොටුපළක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිවිල් ගුවන් යානයක් වන ඇන්ටනොව් නම් යානය ගුවන්ගත වීමේ දී සිදු වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව සුඩාන හමුදාව සඳහන් කළේ ය.

මියගිය අය අතර හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු වන අතර අනතුරින් එක් තරුණියක් දිවි ගලවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර පවතින සටන් හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් වී ඇති බවයි.