රට පුරා මේදින වල කතාවෙන නිල්කටරොලු මල් ගැන විශේෂ හෙළිදරව්වක්..හැමෝම දැනුවත් වන්න..
අලංකාරය සඳහා වගා කළ නිල්කටරොලු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක් උපයන බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කර සිටිනවා.
මෙරට නිල්කටරොලුවල පවතින ස්වාභාවික තද නිල් පැහැය හේතුවෙන් බොහෝ විදෙස් රටවලින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැවින් මේ වනවිටත් මෙම මල් අපනයනය සිදුකරන්නේ,පෝලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලටයි.
අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ, ස්වාභාවික වර්ණකාරකයක්, රසකාරකයක් මෙන්ම සුවඳ කාරකයක් ලෙස මෙම නිල්කටරොලු භාවිත කරන බවත් නිල්කටරොලු මල් විජලනයට ලක්කර සම්පූර්ණ මල ලෙසත්, කුඩු ලෙසත්, කැබලි ලෙසත් අපනයනය කරන බවයි.
මේ වනවිටත් වාර්ෂිකව නිල්කටරොලු මල් අපනයනය කිරීම මගින් ඩොලර් මිලියන දහයක පමණ විදේශ විනිමයක් මෙරටට ලැබේ.
දෛනිකව මෙම මල් කිලෝ තුන්සිය පනහක්(350) පමණ නිෂ්පාදන කටයුතු සඳහා ව්‍යාපාරිකයන් වගාකරුවන් වෙතින් මිලදී ගැනීම සිදුකරයි.
අමු නිල්කටරොලු මල් කිලෝ දහයක් විජලනය මගින් වියළි මල් කිලෝ එකක් ලබාගත හැකිය.
එබැවින් වියළි මල් නිෂ්පාදනය සඳහා විශාල අමු මල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
එබැවින් වාර්ෂිකව අපනයනය කළ හැක්කේ විජලනය කළ නිල්කටරොලු කිලෝ දෙදහසක්(2000) පමණ් බවයි පැවසෙන්නේ.
මෙම ව්‍යාපාරයේ මේ වනවිට බොහෝ පිරිසක් නිරතවී සිටින අතර එයින් සියයට අනූවක් පමණ කාන්තාවන්ය.
මෙම ව්‍යපාරය සඳහා මාර්ගෝපදේශ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත හැකිය.
