බොරළු කන්ද විහාරයේ ප්‍රශ්නය ගැන විශේෂ හෙළිදරව්වක්..නුදුරේදීම දැවැන්ත විරෝධතාවයක් ?
ත්‍රිකුණාමලය නිලාවේලි පෙරියකුලම ප්‍රදේශයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩයිමාන්ගේ නියෝගයෙන් ඉදි කිරීමට නියමිතව තිබූ බෞද්ධ ආරාමයේ ඉදිකිරීම් කටයුතු නතර කර තිබෙන බව වාර්තා වනවා.
නිලාවේලි පෙරියකුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බෞද්ධ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් වාර්ගික උණුසුම්කාරී වාතාවරණයක් ඇති කිරීමත් සමඟ මෙම ගැටළුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩයිමාන් මහතාගේ අවධානයට යොමුව තිබේ.
නිලාවේලි පෙරියකුලම් ප්‍රදේශයේ දෙමළ පවුල් 538කට වැඩි ප්‍රමාණයක් සහ සිංහල පවුල් 02ක් පමණ ජීවත් වන බවයි එම විහාරස්ථානයේ, විහාරාධිපති හිමියන් පැවසුවේ.
එහි වෙසෙන ද්‍රවිඩ ජනතාව එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නවත්වන ලෙස බලකරමින් විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවමින් සිටින බවද වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප නැගෙනහිර පාලාත් ආණ්ඩුකාරවරයා සෙන්තිල් තොණ්ඩයිමාන් මහතා ගෙන් විමසීමක් කළා.
එහිදී අදහස් දැක්වූ සෙන්දිල් තොන්ඩමාන් මහතා..
“..බුදුදහම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධයන්ට පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි මුස්ලිම් ආදීන්ටද අයත් බවත් ඉන්දියාව, කාම්බෝජය, තායිලන්තය, මියන්මාරය, භූතානය, ලාඕසය, මොංගෝලියාව ආදී සියලුම රටවල් බුදුන්ට ප්‍රශංසා කර ආරක්ෂා කළ යුතු බවත්ය.
එමෙන්ම මෙලෙස සියලු ජාතීන් ගේ සහයෝගයෙන් ගොඩනැඟුණු විහාරස්ථාන කිහිපයක් ගැනම මම සඳහන් කළා.එලෙස ගොඩනැඟුණු විහාරස්‌ථාන සියල්ලන්ගේ ප්‍රසාදයට හා පිළිගැනීමට ලක්‌වන අවස්‌ථාවලදී රජය මැදිහත් වන්නේ නැත.
2020 වසරේ රජයේ ඉඩමක ඉදිකිරීමට නියමිත විහාරස්ථානය ඉදිරිපිට රජයට එරෙහිව මහජන උද්ඝෝෂණයක් පවත්වමින් මේ පිටුපස රජය සිටින බව ප්‍රකාශ කිරීමෙන් පසු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අදාළ ගරු භික්ෂුන් වහන්සේගෙන් මම ඉල්ලීමක් කළා.
මෙම ඉඩම පන්සලක් හදන්න දීපු ඉඩමක් නම් ඉක්මනින්ම තීරණයක් ගන්න තිබුණා, නමුත් එය රජයේ ඉඩමක් බැවින් අකානි ප්‍රදේශයේ වෙසෙන බහුතර ආගමිකයින් තම ආගමික ස්ථාන පිහිටුවා ගන්නා ලෙස ඉල්ලා සිටින බැවින් මෙම ගැටලුව මතුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දෙමළ, මුස්ලිම්, මගේ සහෝදර භාෂාව සිංහල දන්නා ඕනෑම කෙනෙක් දන්නා කරුණක් නම් ඇතැම් දේශපාලන පක්ෂ හෝ සිවිල් සමාජ මේ කාරණය තමන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීමට උත්සාහ කරන බවයි.
බුදු දහමටත් කැලලක් නොවන ලෙස,මෙම පන්සල ඉදිකිරීම ගැන අනෙක් ආගමිකයන් සමග සාකච්ඡා කර සහයෝගයෙන් සිදු කරන ලෙස විහාරාධිපති හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මම ඉල්ලීමක් සිදු කළා. එනම් ලොවක් ප්‍රසාදයට ලක් වූ බුදුන්ගේ මහිමය ඔවුන් ආරක්ෂා කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද එතුමා ගගන අප වෙත සඳහන් කළා.."
විහාරාධිපති හිමියන් ගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.
එහිදී උන්වහන්සේ ගගන අපට ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබන සතිය වන විට නොලැබුණහොත් ඉදිරියේදී දැඩි විරෝධතාවයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රදේශයේ ජාතීන් අතර අර්බුධයක් ඇති නොවන පරිදි, ප්‍රදේශයේ වෙසෙන බහුතර ජනතාවගේ අවසරය ඇතිව විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ඉදිකිරීම් කටයුතු කළ හැකි බවට නැගෙනහිර ආණ්ඩුකාරවරයා යෝජනා කර ඇති බව ද වාර්තා වේ.
