කෝටි ගණනක මංකොල්ලයේ සුලමුල හෙළිවෙයි..නිවැසියන් ගැටගසා මංකොල්ලය සිදුකල හැටි මෙන්න.(VIDEO)
ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙකු ද සිටින බව පවසන පොලිසිය අනෙක් සැකකරුවන් වත්තේගම, පොල්පිතිම, සපුගස් කන්ද, කුරුණෑගල, විල්ගමුව සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38-50 අතර වයසේ පුද්ගලයන් බවද පොලිසිය පවසන්නේ.

හිටපු ඇමති මනූෂ නානායක්කාරගේ මල්ලී සොයා චමුදිත වැඩසටහනක් පටිගත කරන අතරතුර පිරිසක් කඩා පනී..පැමිණි පිරිස අතර කාන්තාවනුත් ඉදල.
සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07 ක් සහ කොල්ලකෑමට උපයෝගී කරගත් සෙල්ලම් පිස්තෝල 02 ක් පිහියක් සහ වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම මංකොල්ලය ඉකුත් නොවැම්බර් මස 10 වැනි දින ලග්ගල ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බිය ගන්වා සිදුකොට තිබුණ අතර සැකකරුවන් මාවතගම සහ පොල්පිතිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසූවා.
මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.
You May Like This Video
