හමුදා කුමන්ත්‍රණයකින් ජනපතිවරයෙක් නෙරපා දමයි..එරට ජාතික රූපවාහිනියට පැමිණ කියයි..

By Aruna Jul 27, 2023 01:57 AM GMT
Report

නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහ කර ඇති බව එරට ජාතික රූපවාහිනියේ පෙනී සිටි හමුදා නිළධාරීන් පිරිසක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, එම කණ්ඩායමේ සිටින එරට හමුදා ප්‍රධානියෙකු වන කර්නල් Amadou Abdramane සහ තවත් නිලධාරීන් නව දෙනෙකු රූපවාහිනී මැදිරියට ඇතුල් වී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව නිවේදනය කොට තිබෙන බවයි.

ඔවුන් පවසා ඇත්තේ, "පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය සහ අයහපත් පාලනය හේතුවෙන් පවතින පාලන තන්ත්‍රය තමන් අවසන් කිරීමට" ආරක්ෂක අංශ තීරණය කළ බවයි.

බලයෙන් පහ කළ ජනපතිවරයාගේ යහ පැවැත්ම උදෙසා මේ ප්‍රශ්නයේදී තමන් බටහිර රටවල මැදිහත්වීමක් ප්‍රතික්ෂේප කරන බවටද එම කණ්ඩායම අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ පැරණි ප්‍රංශ යටත් විජිතයක් වන අතර පසුගිය සමය තුළ අප්‍රිකාවේ ඇති වූ ගැටුම්වලට මැදිහත්වීම සඳහා බටහිර රටවලට සහයෝගය දැක්වූවා.

නයිජර්හි සිදු වූ මෙම හමුදා කුමන්‍ත්‍රණය, 2020 වසරෙන් පසුව බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ඇති වූ හත්වැනි හමුදා කුමන්ත්‍රණය ලෙස බවයි වාර්තා වන්නේ.