ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද අභ්‍යවකාශ තරඟය සඳහා එක් වී තිබෙනවා.
ජෙෆ් බෙසොස් පසුගිය සිකුරාදා කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා කිහිපයක් එළි දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම එහි අරමුණ බවයි.
KUIPER නමින් එම ව්‍යාපෘතිය නම් කර තිබෙනවා.
අභ්‍යවකාශ යානා 3,200ක් පමණ එළැඹෙන වසර කිහිපය තුළ කක්ෂගත කර එමඟින් ලොව ඕනෑම තැනකට අන්තර්ජාල පහසුකම් ලබා දීම අරමුණ වී තිබෙනවා.
විචාරකයෝ පවසන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ගේ STARLINK ව්‍යාපෘතියට මෙම ව්‍යාපෘතිය මඟින් තරඟයක් එල්ල විය හැකි බවයි.