නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිවයිනට
ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත අමාත්‍ය වින්සන්ට් පීටර්ස් පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කර සිටියා.
ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙකු ද පැමිණ ඇති බවයි වාර්තා වී ඇත්තේ .
ඔවුන් 05/24 දින රාත්‍රී 11.00 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් ශ්‍රී ලංකා සංචාරය නිමා කර එළඹෙන 05/28 දින ආපසු පිටත්ව යාමට නියමිතය.


