නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

By Lakshika May 02, 2025 06:06 AM GMT
Report

නවසීලන්ත 85KG අඩු රග්බි පිල 30 දින ලංකාවට පැමිණි අතර ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර තරගය (4) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පිරිසගේ පළමු සංචාරය මෙය වන පළමු තරගය මහ නුවර නිත්තිවෙල ක්රීදන්ගනයේ පවතින අතර දෙවන තරගය කොලබ තුරග තරග පිටියේ දී 10 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත .

කටුනායකදී කාන්තාවකට වැඩ වරදී - පොලිස් විමර්ශන ඇරඹේ..

කටුනායකදී කාන්තාවකට වැඩ වරදී - පොලිස් විමර්ශන ඇරඹේ..

පසුගිය දා පැවැති මැලේසියා තරගය මෙහෙය වූ නයිජල් රත්වත්තේ විසින් ම මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු කණ්ඩායමේ නායකත්වය ජෙරඩ් පර්සිවල් වෙත හිමි ව තිබේ.

නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස නගායි වෝකර් ද, කළමනාකරු ලෙස ග්‍රාන්ට් විල්සන් ද කටයුතු කරති.

නවසීලන්ත පිල 85 ට වැඩ බර අඩු උවද ලංකා පිලට එවැනි තහනමක් නොමැති අතර රී ලංකා පිලේ 'ස්ක්‍රම්'හි ක්‍රීඩාකරන ක්‍රීඩකයින් කිලෝග්‍රෑම් 105ට අඩු බරකින් යුතු ක්‍රීඩකයන් විය යුතු ය. එම සීමාව භාවිත වන්නේ ද එයට සහභාගී වන නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

වාහන ආනයනයට පැවති සීමා කිහිපයක් ඉවතට

වාහන ආනයනයට පැවති සීමා කිහිපයක් ඉවතට

ආසියානු කලාපයේ මේ වන විට මෙම කාණ්ඩයේ රග්බි තරග නොපැවැත්වෙන පසුබිමක ශ්‍රී ලංකා ප්‍රධාන පෙළේ රග්බි පිල සමග තරග වැදීමට නවසීලන්ත රග්බි ආයතනය සිය ක්‍රීඩකයන් සහභාගී කරවීමට ඉදිරිපත් වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය 

නයිජල් රත්වත්තේ (නායක), විමුක්ති ගමගේ, ශාමික කෞෂාන්, තනුජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිල්ලර්, ලහිරු තිලකරත්න, දහන් වික්‍රමාරච්චි, මොහොමඩ් රිෆාන්, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, ශාහිඩ් සුම්රි, ජයතු රාජරත්න, පසිඳු බණ්ඩාර, වෙනුර කෝදාගොඩ, ජනිදු ප්‍රනාන්දු, හෆීස් තබීත්, සෙනුර පෙරේරා, චතුර සොයිසා, දිනේෂ් ද සිල්වා, සුදේශ් ජයවික්‍රම, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිරෝෂ් පෙරේරා, තේනුක නානායක්කාර, ජනිදු දිල්ශාන්, මුර්ශිද් දොරේ, දුලාජ් නවෝද්‍ය, ධනුෂ්ක රන්ජන්, ඩිනල් ඒකනායක, පුලස්ති දසනායක, හේෂාන් ජැන්සන්, යෙහාන් බුලත්සිංහලගේ, ලසිඳු කරුණාතිලක, තරිඳු චතුරංග, ප්‍රිමේෂ් ධනුෂ්ක