අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි.

Report

අද (10) පෙරවරුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජනාධිපති කාර්යාලයේ දී පිළිගන්වා තිබෙනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එම නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරනු ලැබුවා.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්.