රජයෙන් හඳුන්වා දුන් විශේෂ WhatsApp මෙන්න - ඔබත් අදම දැනුවත්වන්න .

WhatsApp Government Of Sri Lanka Central Environment Authority Latest Headlines
By Sewvandhi Feb 14, 2025 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම නව WhatsApp අංකයක් හඳුන්වා දී ඇත්තේ, පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් මෙන්ම පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහාය.

ඒ අනුව, 076 641 20 29 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසයි, එම අමාත්‍යංශය පැවසුවේ.

එසේ යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

අමාත්‍යංශය පවසන්නේ, සෑම මසකම සතියේ දින 5 එනම් සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වන අතර අද (14) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වන බවත්ය.

You may like this video 👇


ReeCha