''අලුතින් එන Tata Aeris මෝටර් රථයේ සුපිරි වෙනස්කම් රැසක් හෙළිවෙයි'' - 360° කැමරාව ඇතුළු පහසුකම් මෙන්න

Report

ටාටා සමාගමේ නවතම කුඩා සෙඩාන් මෝටර් රථය වන Tata Aeris නිල වශයෙන් එළිදැක්වීමට දිනකට පෙර එහි අභ්‍යන්තරයේ තොරතුරු සහිත ඡායාරූප හා වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

Tata Aeris මෝටර් රථය සැප්තැම්බර් 25 වැනිදා ඉන්දියාවේදී එළිදැක්වීමට නියමිත අතර, එය වර්තමාන Tata Tigor මාදිලියේ විශාල යාවත්කාලීන කිරීමක් ලෙස හඳුන්වා දීමට සමාගම සූදානම් වන බව වාර්තා වේ.

නවතම තොරතුරු අනුව Aeris හි අභ්‍යන්තර සැලසුම නවීකරණය කර ඇති අතර, එය මෑතකදී යාවත්කාලීන කළ Tata Tiago රථයේ අභ්‍යන්තරයට සමාන බව දැකගත හැකිය. එහි නව ඩෑෂ්බෝඩ් සැලසුමක්, ඩෑෂ්බෝඩ් මත ස්වාධීනව සවි කර ඇති ටච්ස්ක්‍රීනයක් සහ සම්පූර්ණ ඩිජිටල් උපකරණ පුවරුවක් ඇතුළත් කර තිබෙනවා.

අභ්‍යන්තරයේ ලා පැහැති බීජ් සහ අළු වර්ණ සංයෝජනයක්ද භාවිත කර ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම නව දෙපාර්ශ්වික ස්පෝක් සහිත බහුකාර්ය සුක්කානම, වයර්ලස් දුරකථන ආරෝපණ පහසුකම, ක්‍රූස් කන්ට්‍රෝල්, ස්වයංක්‍රීය වායුසමීකරණ පද්ධතිය සහ වයර්ලස් ස්මාර්ට්ෆෝන් සම්බන්ධතා පහසුකම් වැනි අංගද හඳුන්වා දීමට සූදානම් වන බව සඳහන් වේ.

AI සමඟින් අලුත් මුහුණුවරකින් එන Hyundai Bayon SUV රථය - ඉන්දීය වෙළෙඳපොළේ වෙනසක් සිදු කරයිද?

AI සමඟින් අලුත් මුහුණුවරකින් එන Hyundai Bayon SUV රථය - ඉන්දීය වෙළෙඳපොළේ වෙනසක් සිදු කරයිද?

විශේෂයෙන්ම නවතම වීඩියෝවල අංශක 360 කැමරා පද්ධතියක් ද දැකගත හැකි අතර, මෝටර් රථය වටා ඇති විවිධ දිශාවන්හි දර්ශන ටච්ස්ක්‍රීනය හරහා නිරීක්ෂණය කළ හැකි බව පෙනෙන්නට තිබේ.

ආරක්ෂක පහසුකම් සම්බන්ධයෙන්ද Aeris රථයට එයාර්බෑග් 6ක්, ඉලෙක්ට්‍රොනික ස්ථායීතා පාලනය (ESC), ටයර් පීඩන නිරීක්ෂණ පද්ධතිය (TPMS) සහ Hill-Hold Assist වැනි පහසුකම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, සියලුම පහසුකම් සහ ඒවා ලබාදෙන වර්ග පිළිබඳ අවසන් තොරතුරු හෙට නිල එළිදැක්වීමේදී තහවුරු කිරීමට නියමිතය. යාන්ත්‍රික අංශයෙන් Aeris රථය දැනට Tigor හි භාවිත වන ලීටර් 1.2 පෙට්‍රල් එන්ජිම සමඟ ඉදිරිපත් කිරීමට ඉඩ ඇති අතර, 5-වේග මැනුවල් සහ AMT ගියර් පද්ධති ලබාදීමට අපේක්ෂා කෙරේ.

CNG අනුවාදයක්ද මැනුවල් සහ AMT විකල්ප සමඟ පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර, ඉදිරියේදී Aeris හි විදුලි අනුවාදයක්ද හඳුන්වාදීමට ඉඩ ඇති බවට වාර්තා පළවුවද, එහි නිල දියත් කිරීමේ දිනය හෝ තාක්ෂණික විස්තර මෙතෙක් Tata සමාගම විසින් තහවුරු කර නොමැත.

Tata Aeris රථයේ මිල පිළිබඳ අවසන් නිවේදනයද හෙට සිදුකිරීමට නියමිත අතර, එය ඉන්දියාවේ Maruti Suzuki Dzire, Hyundai Aura සහ Honda Amaze වැනි කුඩා සෙඩාන් රථ සමඟ තරග කිරීමට නියමිතයි.

තෙල් ප්‍රශ්නෙට සෞදි අරාබි‍යෙන් ලොකු පිම්මක් - පළමුවරට සෞදියේ සීර් සමාගම නව විදුලි මෝටර් රථ එළිදක්වයි

තෙල් ප්‍රශ්නෙට සෞදි අරාබි‍යෙන් ලොකු පිම්මක් - පළමුවරට සෞදියේ සීර් සමාගම නව විදුලි මෝටර් රථ එළිදක්වයි