අලුතින් උසස් වීම් ලැබෙන රාජ්‍ය නිලධාරීන් මෙන්න

Report

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බන්ධනාකාර නිලධාරීන් 19 දෙනෙකුට උසස් වීම් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

අලුතින් උසස් වීම් ලැබෙන රාජ්‍ය නිලධාරීන් මෙන්න | New Promotions For Prison Officers In Sri Lanka


පසුගිය නොවැම්බර් 28 වන දා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම උසස් වීම් ලබා දෙන නිලධාරීන් තෝරා පත් කරගෙන ඇත.

ඒ අනුව පළමු පෙළ ජෙලර් තනතුරේ අවුරුදු පහකට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත වැඩිම ලකුණු ලබා ගත් නිලධාරින් 19 දෙනෙකු මෙම උසස් වීම් සඳහා තෝරා පත් කරගෙන තිබේ