හොර පාරෙන් දා ගන්න බෑ දැන් .මෙන්න හරි විදිය

Report

පාසල් වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට විධිමත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටිනවා. 

අමාත්‍යංශය වැඩි දුරටත් පවසා සිටියේ මේ වසර ඇතුළත එම චක්‍රලේකය නිකුත් කිරීමට කටයුතු කරන බවයි.   

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එස්.එන්. කලුවැව මහතා කියා සිටියේ පාසල් වල අතරමැදි ශ්‍රේණි සඳහා විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් ඒ සියල්ල සලකා බැලීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් ය.   

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යංශයේ ලේකම් එස් .එන්. කලුවැව මහතා.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

“අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවට මේ ගැන දීර්ඝ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළා. මෙම අතරමැදි පන්ති සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් සියල්ල සලකා බැලීමට නොහැකි ප්‍රයෝගික හේතුව වී ඇත්තේ, පසුගිය කාලය තුළදී අක්‍රමවත්ව මෙම කටයුත්ත සිදු කිරීම හේතුවෙන් බොහෝ පන්තිවල දරුවන් සංඛ්‍යාව හැට හෝ පනහ ඉක්මවූ සංඛ්‍යාවක් සිටිනවා. ඒ හේතුව නිසා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ආකාරයට දරුවන් ඇතුළත් කරගැනීමට හැකියාවක් නැහැ. එම නිසා මෙම ක්‍රමය වඩාත් විධිමත් කිරීමට සහ විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කිරීමට මේ වසරේදී අතරමැදි පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වඩාත් විධිමත් ආකාරයෙන් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා.”