ඇපල් සමාගම පිස්සු හැදෙන්නම මෙවර හඳුන්වා දුන්න අලුත් අයිටම් එක මෙන්න - මිල ගණන් එක්කම විස්තරේ මෙන්න
ඇපල් සමාගම නවතම නිෂ්පාදිතයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව රෙදි කැබැල්ලකින් ආභාෂය ලැබූ ඩොලර් 230ක iphone සාක්කුවක් එහෙමත් නැත්නම් iPhone Pocket එකක් හඳුන්වාදීී තිබේ.
ඉහළ පෙලේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති පිළිගැනීමක් සහිත ජපන් සන්නාමයක් වන " ඉසි මියාකි" සමග සහයෝගයෙන් මෙම නිර්මාණය සිදුකර ඇති බවට ඇපල් සමාගමන නිවේදනය කරයි.
මෙහි විශේෂ සංස්කරණය මෙම සතිය නිකුත් කිරීමට එම සමාගම සැලසුම් කර ඇති බවට වාර්තාවේ. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත් වෙළඳසැල් වලින් නිකුත් කරන සීමිත සංස්කරණ උපාංගයකි.

2025 නොවැම්බර් 14 වන සිකුරාදා සිට, එය තෝරාගත් Apple Store ස්ථානවල සහ ප්‍රංශය, මහා චීනය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල apple.com හි ලබා ගත හැකි බව සඳහන්.
"iPhone Pocket ඔබේම ආකාරයෙන් iPhone පැළඳීමේ ප්‍රීතිය" යන සංකල්පය මත නිර්මාණය කර ඇති අතර මේස් එකකට සමාන මෙය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණ දෙකකින් පැමිණේ.
iPhone Pocket නිර්මාණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ Apple iPhone නිෂ්පාදනයන්හි සෞන්දර්යාත්මක බව සහ භාවිතයේ බහුකාර්ය ලෙස නිර්මාණය කර ඇති බවට සමාජ ගත කිරීමයි.