කැළඹිලා තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටුවට ආ අලුත් මුහුණුවර මෙන්න. - (VIDEO)

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් අද කොළඹ පදනම් ආයතනයට රැස් වූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව ඇති අතර නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (08) උදෑසන 10ට දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් මෙලෙස කැඳවා තිබුනා.

කෙසේ වෙතත් මෙලෙස දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයාට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ද පවසා තිබෙනවා. 

.....................................................................................................