පලා යන්නන් අල්ලන්න පොලිසියෙන් අලුත් බලයක්

Report

පොලීසිය විසින් පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් ස්ථානගත විය හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒ අනුව දකුණු පළාත වෙනුවෙන් කාලයට උචිත අවශ්‍යතාවයක් ලෙසට මෙය හඳුනා ගෙන තිබෙනවා.

ඒ අවශ්‍යතා ලෙස පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් ස්ථානගත විය හැකි වීමත් සාමය කඩවන අයුරින් සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමක් මෙන්ම අවි බලයකින් යුතු පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම ද ඇතුළත්.

මේ අවශ්‍යතා මත විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ සඳහා තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක් මෙන්ම Highway යතුරුපැදි 15ක් ද ඇතුළත් වේ.

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

ඊට අමතරව නිලධාරීන් 46 දෙනෙක් ද අනුයුක්ත කර ඇත.

ඉකුත් දා මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමේ හමුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාලාවේදී පවත්වා තිබේ.

එය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සහ හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා, ගාල්ල සහ ඇල්පිටිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා, මාතර පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා සහ තංගල්ල කොට්ඨාස භාර උපුල සෙනෙවිරත්න මහතා ද සහභාගී වූ බව සඳහන්.

හජ් සැමරුම ගැන නිවේදනයක්

හජ් සැමරුම ගැන නිවේදනයක්