මනස සැහැල්ලු කරන අලුත් දුරකථනයක් එයි..මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්..(PHOTOS)
By Aruna
එක්සත් රාජධානියේ, 'බාර්බි සන්නාමය' සහිත දුරකථනයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා. රෝස පැහැති, කුඩා ප්‍රමාණයේ, හුරුබුහුටි දුරකථනය මූලික ම උපාංගවලින් පමණක් සමන්විත වන බවයි පැවසෙන්නේ.
නිෂ්පාදකයින් පවසන්නේ, ඉදිරිපස කැමරාවක් නොමැති එහි එක් දුරකථන ක්‍රීඩාවක් සහ සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇති බවයි.
මෙවන් හඳුන්වාදීමක මූලිකම අරමුණ, 'තරුණයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන්වලින් විවේකයක් ගැනීමට උපකාර කිරීම' වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Nokia සඳහා දුරකථන නිපදවන නිෂ්පාදක HMD, පෙන්වා දෙන්නේ, 'සිය ජීවිතවලට කුඩා ඩිජිටල් බලපෑමක් අවැසි පුද්ගලයින්' මෙම දුරකථනය තෝරාගනු ඇති බවයි.
එමෙන්ම මෙම දුරකථනය දරුවන්ගේ භාවිතය සඳහා ද වඩා යෝග්‍ය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

