ශ්‍රීලනිපයේ හිස්වූ තනතුරුවලට අලුත්ම පිරිසක් පත්කෙරේ..!

Report

මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට පත්කර තිබේ.

එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇත.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානයේදී ශ්‍රීලනිප විධායක සභාව රැස්වී මෙම තීරණ ගෙන තිබේ.