නව පාර්ලිමේන්තුවේ පත්වෙන්න ඉන්න කථානායක සහ සභානායක මෙන්න.
දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වනවා.
බිමල් රත්නායක මහතා ජාතික ජන බලවේග ජාතික ලයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතයි.
එමෙන්ම මීළඟ පාර්ලිමේන්තුවේදී සභා නායකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමටද යෝජනා වී ඇත.
පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම එළඹෙන විසි එක්වෙනිදා පැවැත් වීමට නියමිතව තිබේ.
ස්ථාවර නියෝගයන් අනුව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේම කථානායකවරයා හා නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු ප්‍රධාන තනතුරු වලට පත් කර ගැනීම සිදු කළ යුතුය.