ජනපති නැවත පැමිණෙන තුරු වැඩ බැලීමට දෙදෙනෙක්ට පවරයි..!

Report

ජනාධිපතිවරයා විසින් වැඩබලන අමාත්‍යවරු දෙදෙනෙක් පත්කර තිබේ. රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස එලෙස පත්කර ඇත.

තවත වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාව පත්කර තිබේ. ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටවයෑම හේතුවෙන් මෙම පත්වීම් සිදුකර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද රංජිත් සියඹලාපිටිය මහතාය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW