නව රජයෙන් ඇප නැතිව ණය දෙන අලුත් ක්‍රමවේදයක්..ලැබෙන පිරිස මෙන්න.
කර්මාන්තකරුවන් සඳහා ඇප රහිතව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර අයවැයෙන් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වනවා.
එලෙස ලබා ගන්නා ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීමේ යෝජනාවක් ද අයවැයට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.
මෙවර අයවැයෙන් මෙම යෝජනා දක්නට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී ද ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය ඇමැතිවරයා කියාසිටියේ, රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගෙන පවතින ණය කන්දෙන් කොටසක් හෝ ගෙවීමේ හැකියාව ලබා ගැනීම සඳහා ජනතාව අවස්ථාව ලබා දී තිබෙන බව ද එම අරමුණ ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.
එම කාරක සභාව කැඳවා තිබුණේ දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි සහනදායි වැඩපිළිවෙළවල් පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීම අවශ්‍ය බවඅපනයන සංවර්ධන මණ්ඩලය ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)