ලංකාවේ ත්‍රීවීල් සංස්කෘතිය වෙනස් කරන්න හදන අලුත්ම නීතිය මෙන්න
ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවීම සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා සදහන් කර ඇත .
පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයින් ත්‍රිරෝද රථ ප්‍රවාහන රැකියාවට යොමුවීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කර ඇත
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත පද්ධතිමය වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් අධ්‍යාපනය නිමකළ සැනින් තරුණ පිරිස් ත්‍රිරෝද රථ ධාවනය සඳහා පැමිණීම පාලනය කර ඔවුන් සක්‍රීය නිෂ්පාදිත ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුළුල් වෙනසක් සිදුකරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙවන් අදහසක්
''අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.''
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි .