ලංකාවේ ත්‍රීවීල් සංස්කෘතිය වෙනස් කරන්න හදන අලුත්ම නීතිය මෙන්න

By Kanchana Aug 23, 2026 10:21 AM GMT
Report

ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවීම සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා සදහන් කර ඇත .

පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයින් ත්‍රිරෝද රථ ප්‍රවාහන රැකියාවට යොමුවීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කර ඇත

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත පද්ධතිමය වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් අධ්‍යාපනය නිමකළ සැනින් තරුණ පිරිස් ත්‍රිරෝද රථ ධාවනය සඳහා පැමිණීම පාලනය කර ඔවුන් සක්‍රීය නිෂ්පාදිත ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුළුල් වෙනසක් සිදුකරන බවයි.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පෝලිම්වලට තිත- පෞද්ගලික අංශයටත් Online ලබාදීමට රජයෙන් තීරණයක්

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පෝලිම්වලට තිත- පෞද්ගලික අංශයටත් Online ලබාදීමට රජයෙන් තීරණයක්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙවන් අදහසක්

“ඉස්සරහට ඇත්තටම ත්‍රීවිල් පදින්න යන වයසත් ඇත්තටම අවුරුදු 40 දල්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.ඉස්කොලේ ගියපු ගමන් ත්‍රීවිල් එකක් අරගෙන පාරට එන්න බෑ. ඒක නිසා අධ්‍යාපානයේ වෙනසක් කරනවා.”