නව අපනයන ගැසට් පත්‍රය ගැන ප්‍රකාශයක් - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගෙන් පැහැදිලි කිරීමක්

Report

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බවයි.

එමෙන්ම ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බව ඔහු පවසා ඇත.

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ලියාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලියට මුවාවී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වූ බවයි.

ඒ අනුව නව ගැසට් නිවේදනය යටතේ ආනයනකරුවන්ගේ ලිපිනය, ගිණුම් අංකය, ආනයනය කරන භාණ්ඩ ගෙවීම් කරන මුදල් ඒකකය ඇතුළු සියලු තොරතුරු විධිමත්ව ලබා ගත යුතුය.

මාරාන්තික ඉබෝලා නැවතත් පැතිරෙයි - රටවල් 10 ක් අවදානමේ බව අනතුරු ඇඟවීමක්

මාරාන්තික ඉබෝලා නැවතත් පැතිරෙයි - රටවල් 10 ක් අවදානමේ බව අනතුරු ඇඟවීමක්

සෑම බැංකුවක් මගින්ම එක් එක් ගනුදෙනු‌ වෙනුවෙන් වෙනම අංකයක් පවත්වාගෙන යා යුතු බව ද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.