තවත් රටක් භීතියට - නව ඉබෝලා වෛරසය හිස ඔසවයි
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා (Ebola)වෛරස් රෝගයක් පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
මෙහි ප්‍රධාන ලක්ෂණ අධික උණ, ඇඟ පත රිදීම, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීමයි
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙවර පැතිර යන්නේ බුන්ඩිබුග්යෝ (Bundibugyo)යන ඉබෝලා වෛරස් ප්‍රභේදය බවයි.
මේ වන විට සැකකටයුතු රෝගීන් 246ක් පමණ වාර්තා වී තිබේ ඉන් පුද්ගලයන් 65 සිට 80 දක්වා ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය සදහන් කර තිබේ
මේ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති නිසා රෝගය පාලනය කිරීම අභියෝගයක් වී ඇති බව වාර්තා වේ .
තවද මෙම රෝගය අසල තිබෙන උගන්ඩාව වැනි රටවලටත් පැතිරීමේ අවදානමක් පවතින නිසා සෞඛ්‍ය අංශ මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවද වාර්තා පවසයි.
රෝගය පැතිරෙන ප්‍රදේශවල ජනතාව නිතර සංචාරය කිරීම සහ රන් පතල්වල සේවය කිරීම නිසා රෝගය තවත් පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වේ.
රෝගය පාලනය කිරීම සහ සීමා මායිම් පරීක්ෂා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල් එකතු වී සාකච්ඡා පවත්වමින් ඇත .