ආර්.ඒ.පී.කේ.ජයරත්න රජයේ මුද්‍රණාලාධිපති තනතුරට

Report

 මේ වන විට රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ සේවය කරනු ලබන එස්.ඩී.පාඬිකෝරාල මහතාගේ සේවා කාලය 2026-04-01 දිනෙන් අවසන් වීමට නියමිත බව සඳහන් වේ.

  2013- 06- 26 දිනැති රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මේ වන විට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ නැති බව සදහන්ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන - රජයෙන් සුබ පණිවිඩයක්

ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන - රජයෙන් සුබ පණිවිඩයක්

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රජයේ මුද්‍රණාලාධිපති ලෙස සේවය කරනු ලබන මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම සේවයේ I පන්තියේ II ශ්‍රේණියේ නිලධාරි ආර්.ඒ.පී.කේ.ජයරත්න මහතා, 2026-04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණකාලීනව රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත

එදිනෙදා ගෙවීම් වලටත් කිව්.ආර් පද්ධතියක්

එදිනෙදා ගෙවීම් වලටත් කිව්.ආර් පද්ධතියක්