ජාතික වැවිලි කළමණාකරන ආයතනයට නව අධ්‍යක්ෂකවරයෙක්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික වැවිලි කළමණාකරන ආයතනයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස කුලසිරි මහතා පත් කර ඇත.
ඔහු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ නව ප්‍රභේද සංවර්ධනය සහ ඉක්මන් ශාක ව්‍යාප්තිය පිළිබඳ විශේෂඥයෙකු වන අතර, University of Peradeniya හි පීඑච්ඩී (PhD) උපාධිය (2019–2023) හිමි කර ගන්නා ලදි .
එහිදී නව තේ වර්ග සඳහා ආර්ථික වශයෙන් වාසිදායක in vitro ශාක නිෂ්පාදන ක්‍රමවේද සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කර තිබේ.
එමෙන්ම, එම විශ්වවිද්‍යාලයෙන්ම MPhil (Crop Science) උපාධිය (2008–2011) ලබාගෙන, Hybrid තේ වර්ග වේගයෙන් ව්‍යාප්ත කිරීම සඳහා වියදම් අඩු micro propagation ක්‍රමවේදයන් පිළිබඳ ගවේෂණ කර තිබුණි.
University of Ruhuna හි කෘෂි විද්‍යා (විශේෂ) බී.එස්.සී. උපාධිය ලබා ඇති අතර, වර්තමානයේ ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) හි සේවය කරමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදි.