රාජ්‍ය සේවය ඩිජිටල් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය එළිදැක්වේ
ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ පාලනය, නියාමනය හා නඩත්තු කටයුතු අධීක්ෂණය කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය ඊයේ (03) එළිදැක්විණි.
මෙම නව වෙබ් අඩවිය හරහා අධිකාරියේ සේවාවන් ජනතාවට වඩාත් කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සැලසෙන බව නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම, අගෝස්තු මාසයේ සිට අධිකාරියේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.