ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත හඳුන්වා දුන් නව චෙක්-ඉන් කවුන්ටර 14 ක් ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලිය මාසයක් ඇතුළත ඉදිකල බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කලේ දෙසැම්බර් මාසයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්‌ගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු ඉදිරි පියවරක් වන මෙය මගී ඉල්ලුම මත වැඩි කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වේ.