පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center – CEDC) අද (09) දින පෙරවරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී නව මුහුණුවරකින් විවෘත වී ඇත.
මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත ව තිබේ.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වී ඇත.
ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ ස්ථාපිත කර තිබේ.
මෙම මධ්‍යස්ථානය මගින් ප්‍රධාන වශයෙන්ම මෙරට බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා යන පිළිකා වර්ග තුන කෙරෙහි අවධානය යොමු කරනු ලබයි .
තවද පරීක්ෂණ මගින් රෝගීන් හඳුනාගත් වහාම ඔවුන් කඩිනම් ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය සායන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් ද මෙහි ක්‍රියාත්මක වේ.
රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා මෙම මධ්‍යස්ථානය මහජනතාව සඳහා විවෘතව ඇත.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සදහන් කළේ සෑම දිස්ත්‍රික්කයකටම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ලබා දීම රජයේ ඉලක්කය බවයි .
ඒ අනුව යාපනය, මඩකලපුව, බදුල්ල, රත්නපුර සහ මාතර යන රෝහල් ආශ්‍රිතව පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන 05ක් ක්‍රියාත්මක වේ.
සාමාන්‍යෙයන් දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන අතර, දිනකට පුද්ගල මරණ 40ක් පමණ සිදු වන බව සදහන්ය .
මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රෝගීන්, පමා වී ප්‍රතිකාර සඳහා පැමිණීම පාලනය කර, මරණ සංඛ්‍යාව අවම කිරීමයි .
මෙම මධ්‍යස්ථානය 2004 වසරේ සිට නාරාහේන්පිට ප්‍රදේශයේ ක්‍රියාත්මක විය.
තවද වසර 22ක කාලය තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබේ මෙම නව පරිශ්‍රය ස්ථාපිත කිරීම සඳහා රොටරි සමාජයේ (Rotary Club) දායකත්වය ද හිමිව ඇත.