පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් - මේවා තහනම්
සැකසූ දියර කිරි වෙනුවෙන් ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සම්බන්ධයෙන් නව නියාමනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියේ සඳහන් උපරිම 0.5 µg/kg (ppb) ඇෆ්ලටොක්සින් සීමාවට අනුකූල නොවන ආකාරයට සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, සෑදීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් බව සඳහන්.
එම නියෝගය සියලුම නිෂ්පාදකයින්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දන් සඳහා අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම විධානය 2027 ජනවාරි 8 වැනි දින පටන් බලපැවැත්වෙන බවද එම අධිකාරිය නිවේදනය කර තිබෙනවා.