යාපනයේ ජනතාවට ඉන්දියාවෙන් ජාල ටැංකි ...
By Parami Dissanayake
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා.
ඒ අනුව ජාල ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 - 10 - 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.
කෙසේ වෙතත්, ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී චැසි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල් වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.