අමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් ලොව ප්‍රබලතම සංවිධානයක් ආසියාවට ඇතුළු වෙයි..

American Express Japan NATO
By Aruna May 11, 2023 03:10 AM GMT
Aruna

Aruna

Report

ලොව ප්‍රබලතම ආරක්ෂක සංවිධානය වන අමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් යුත් නේටෝ සංවිධානයේ සම්බන්ධතා කාර්යාලයක් ජපානයේ විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම මාධ්‍ය වාර්තා අවධාරණය කරන්නේ, ජපානය සහ නේටෝ සංවිධානය අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව නේටෝ සංවිධානයට අයත් කාර්යාලයක් ආසියාව තුළ විවෘත කරන පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂි පැවසුවේ රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීම හමුවේ ලෝකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගැටළු රැසක් පැන නැගී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ ද, ඒ සම්බන්ධව වන අවසන් තීරණයකට දෙපාර්ශවය මෙතෙක් එළඹ නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

නේටෝව යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය වන අතර , එය ආරම්භ කරන ලද්දේ 1949 වර්ෂයේ දීයි.

සාමාජික රටවල ජනතාව සහ භූමිය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නේටෝව යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් 31කින් සමන්වි ප්‍රබල සංවිධානයක් වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now