චීන දේශසීමාව අසල යළි අනතුරු ඇඟවීමේ පද්ධතියක් - මාරාන්තික ගංවතුරෙන් පසු නේපාලයෙන් තීරණයක්
මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මියගොස් සතියක් ගතවීමෙන් පසු, චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් යළි ස්ථාපිත කිරීමට නේපාලය සැලසුම් කර තිබේ.
නේපාල රජයේ ආරංචි මාර්ග දෙකක් රොයිටර් පුවත් සේවයට මේ බව තහවුරු කර ඇති බව සඳහන් වේ. චීන දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයක් හරහා මඩ, ජලය සහ ගල් කැබලි රැගත් දැවැන්ත ග්ලැසියර් කඩා වැටීමකට ලක් වූ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ (Timure) දේශසීමා ජනාවාසයේ නව උපකරණ ස්ථාපනය කිරීමට නියමිතය.
මෙම ව්‍යසනයෙන් නේපාලයේ සහ චීනයේ පුද්ගලයන් ඇතුළුව අවම වශයෙන් 1,114 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 4,000කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
''නිවස ඉදිරිපිටදීම අකුණු සැර වැදී බිම ඇද වැටෙයි'' - ඇමෙරිකානු ජාතිකයාට සිදුවූ බිහිසුණු අනතුර කැමරාවේ
නේපාලය සහ චීනයේ ටිබෙට් කලාපය අතර පිහිටි මෙම සංවේදී දේශසීමා කලාපය කත්මණ්ඩු, බීජිං සහ නවදිල්ලි යන රජයන්ගේ දැඩි අවධානයට ලක්වන උස් කඳුකර ප්‍රදේශයකි.
ව්‍යසනයෙන් පසුවද එම ප්‍රදේශයේ භූ දර්ශනය අඛණ්ඩව වෙනස් වෙමින් පවතින බැවින් තවදුරටත් නායයෑම් සිදුවීමේ අවදානමක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම අවශ්‍ය බවත් නිලධාරීහු පෙන්වා දෙති.
ජංගම දුරකථන ජාල අක්‍රිය වූ අවස්ථාවලදී පවා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා VSAT (Very Small Aperture Terminal) ලෙස හැඳින්වෙන සැටලයිට් සන්නිවේදන පද්ධතියක් මූලික වශයෙන් භාවිත කිරීමට නේපාල ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) සැලසුම් කර තිබේ.
පසුගිය සතියේ ඇති වූ ගංවතුර හේතුවෙන් දේශසීමාව ආසන්නයේ ස්ථාපිත කර තිබූ ජලමිතික මධ්‍යස්ථාන අවම වශයෙන් හතරක් විනාශ වී ඇති අතර, නව පද්ධතිය මඟින් මතුවන අවදානම් කඩිනමින් හඳුනාගෙන ජනතාවට කල්තියා අනතුරු ඇඟවීම් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නායයෑමක් වැනි හදිසි ආපදා තත්ත්වයකදී පහත් බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමට ඉතිරි වන්නේ මිනිත්තු කිහිපයක ඉතා කෙටි කාලයක් වුවද, එවැනි පූර්ව අනතුරු ඇඟවීමක් ජීවිත රැසක් බේරා ගැනීමට තීරණාත්මක වනු ඇති බව නිලධාරීහු පවසති.