නේපාලයේ මහා ග්ලැසියරයක් කඩාවැටී 675ක් බිලි
නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට අධික පිරිසක් මේ වන විටත් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මේ අතර, මෙම ආපදා තත්ත්වයට හේතුවී ඇතැයි සැලකෙන ග්ලැසියර කඩා වැටීම් ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ සම්බන්ධ විය හැකි බවට වාර්තා පළ වෙමින් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් හිමාල කලාපයේ ග්ලැසියර, අයිස් බිම් සහ හිම තට්ටු දියවීම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දී ඇති බවයි.
කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
ග්ලැසියර දියවීම සහ කඩා වැටීම පමණක් නොව, ග්ලැසියර විල් වේගයෙන් පිරී යාමටද එම තත්ත්වය හේතු විය හැකි බව විද්‍යාඥයෝ පවසති. එමඟින් හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක්ද පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කඳුකරයේ ඇතැම් උස් ප්‍රදේශවලට හිම වෙනුවට වර්ෂාව පතිත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ අස්ථායී විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.