නේපාල‍යේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු ලබා ගැනීමට විදේශ අමාත්‍යංශයෙන් හදිසි පියවරක් - මේ විදිහට සම්බන්ධ වන්නැයි දැනුම්දීමක්

Report

නේපාල සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල හදිසියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය සහ නායයෑම් නිසා විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන හෝ සංචාරයේ නිරත වී සිටින යම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරක් අවශ්‍ය වන්නේ නම් හෝ සහාය අවශ්‍ය වේ නම් පහත සඳහන් සම්බන්ධතා හරහා අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් - මේ උපදෙස් වහාම පිළිපදින්නයි ආරක්ෂක උපදේශනයක් නිකුත් කරයි

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් - මේ උපදෙස් වහාම පිළිපදින්නයි ආරක්ෂක උපදේශනයක් නිකුත් කරයි

එසේම අඳාළ තොරතුරු තහවුරු කර ගැනීමට සහ බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබා දීමට අමාත්‍යාංශය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවද දන්වා ඇත.

තුෂාර රොද්‍රිගෝ මහතා (මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක)

ජංගම දුරකථන / WhatsApp: 070 7887778

දුරකථන අංකය: 0112 473899

විද්‍යුත් තැපෑල (Email): publicity@mfa.gov.lk

මේ අතර අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දැනට ලැබෙන අධික ඇමතුම් ප්‍රමාණය සලකා බලමින්, වඩාත් වේගවත් හා නිවැරදි සන්නිවේදනයක් උදෙසා WhatsApp ඔස්සේ තොරතුරු ලබා ගැනීම සහ බෙදා හැරීම සිදු කරන ලෙසයි. 

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

Gallery