නේපාල ගංවතුර ව්‍යසනයෙන් මියගිය ගණන 1,127 දක්වා ඉහළට – 4,800කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

Report

නේපාලයට බලපෑ දැඩි හදිසි ගංවතුර සහ නායයාම් තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 1,127 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම හදිසි ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් එරට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 4,858 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතර විදේශිකයින් 583කට ආසන්න සංඛ්‍යාවක් ද වන බව අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහන් කරයි.

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න

මේ අතර, ව්‍යසනයට ගොදුරු වී අවදානම් තත්ත්වයේ පසුවූ පුද්ගලයින් 11,000කට අධික පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම් හරහා බේරාගැනීමට හැකිවූ බව නේපාල අගමැති බාලේන්ද්‍රන් ෂා මහතා ප්‍රකාශ කර තිබේ.

ගංවතුරෙන් විනාශයට පත්වූ නේපාලයේ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සහ ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර ආධාර ලෙස මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 42කට අධික මුදලක් හිමිව ඇති බව ද නේපාල අගමැතිවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

10 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට බරපතළ අර්බුදයක් - පාසල් හා ජාතික මට්ටමින් ප්‍රමුඛතාව දීමට උපදෙස්

10 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට බරපතළ අර්බුදයක් - පාසල් හා ජාතික මට්ටමින් ප්‍රමුඛතාව දීමට උපදෙස්

සහන සේවකයින් සහ එරට ආරක්ෂක අංශ එක්ව අතුරුදන් වූවන් සෙවීමේ සහ විපතට පත්වූවන්ට ආධාර සැපයීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.