ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්ෂාව තර කරන්නයැයි ඉල්ලීම්
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය සමඟ සමඟ 28 දෙනෙකුට ජීවිත අහිමි වීම සිදුවිය.
ඒ අනුව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් පිරිසකගේ තත්ත්වය අසාධ්‍ය බවත් සඳහන්වේ.
සිද්ධියට මූලික වූ රැඳවියන් මේ වන විට වහාම වෙනත් බන්ධනාගාර වෙත පිට වහල්කර යවා ඇත.
එමෙන්ම එදා උණුසුම්කාරී තත්ත්වය හමුවේ තම ජීවිතය ගැනවත් නොතකා ලෑලි දොරේ පුංචි සිදුරෙන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබූ පොලිස් නිලධාරියා පිළිබඳව මුළු මහත් සමාජයක් කතා කළා.
ඔහු ඒදා සිදු කළේ අභීත ක්‍රියාව නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත රැකගැනීමට හැකි වූ බවත් සඳහන්. නමුත් මේ වන විට ඔහුට ඩුබායි ඇතුළු වෙන විදෙස් රටවල් රැසකින් මරණීය තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත විවිධ පුද්ගලයන් විසින් මෙවැනි මරණීය තර්ජන ඔහු වෙත එල්ල කර ඇති බවට අනාවරණය වේ. ඒ අනුව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගෙන් සෙසු නිලධාරීන් ඉල්ලා සිටියේ හැකි තරම් ඔහුගේ ආරක්ෂාව ඉහළ දමා මේ නිලධාරියාව බේරාදෙනන ලෙසයි.
කෙසේ නමුත් ඔහුට මරණීය තර්ජන එල්ල වූ මෙවන් සමයක ඔහු ආරක්ෂා කිරීම රජයේ වගකීම බව බහුතර මතයයි