හැමෝම කතාකළ මීගමුව බන්ධනාගාරයේ මාරාන්තික ගැටුම පිටුපස ඇති ඇත්ත කුමක්ද? විමර්ශනයට විශේෂ කමිටුවක්

Report

ගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර ඇත බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කරයි.

  මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන ඇත .

පොලීසිය සදහන් කළේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.

ඉන් බරපතළ තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද වාර්තා වේ ඉන්පසුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවය පළ කළ අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු පසුව රෝහල්ගත කෙරිණි.

මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් උණුසුම් තත්ත්වයක් - කාන්තා රැඳවියන් වහලයට නැග දැවැන්ත විරෝධයක්

මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් උණුසුම් තත්ත්වයක් - කාන්තා රැඳවියන් වහලයට නැග දැවැන්ත විරෝධයක්

මේ අතර රැදවියන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීගමුව දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය පැවසුවේ රැඳවියන් 10දෙනෙකු පමණ ශෛල්‍යකර්මවලට ද භාජනය කළ බවය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කිරීමටයි කටයුතු කර තිබුණි.

එමෙන්ම බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ රැදවූවන් පිළිබද තොරතුරු බලධාරීන් විසින් ලබා නොදුන් බවට පවසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරිණි.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව රෝහල්ගත කළ රැඳවියන් සම්බන්ධ තොරතුරු ඔවුන්ට ලබා දුන් අතර තවත් පිරිසක් රෝහල වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබුණි.   

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ සුල මුල හෙළිවෙයි

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ සුල මුල හෙළිවෙයි