ඔයත් අල චිප්ස් පෙරේතයෙක්ද..? මේ ගැන දන්නවා නම් චිප්ස් දිහා හැරිලවත් බලන්නේ නැතිවෙයි..
By Sewvandhi
හැමෝම ආස කෑමක්නේ අල් චිප්ස්. හැබැයි මේ කියන්න යන දේ ඇහුවොත් ඔබ කවදාවත් මේ දේ කන්න නම් උත්සාහ කරන්නේ නැහැ.
මේ ෆේස්බුක් හී තබා තිබූ සටහනක්. කියවලා..පහත තියෙන ඡායාරූපයත් බලන්නකෝ...
" හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ. කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව
" නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල.
පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා....
"මගේ රටට දළදා හිමි සරණයි..." කියල. - සාදු සාදු. " (උපුටා ගැනීමකි)