ප්‍රධාන දේශපාලඥයෙකු ප්‍රධාන පක්ෂයකින් එලියට දමයි...
පසුගියදා පරිසර අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නසීර් අහමඩ් මහතා ව පත්කර තිබුණි.
ඒ අනුව ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන තිබුණි.
නසීර් අහමඩ් මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද සහය පළ කළ අතර රජයේ අයවැයට ද පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |