මහ ගංවතුරට හසු වූ ලංගම බස් රථය සමාජ මාධ්‍ය කළඹයි - රටම මළ ගමක් වෙන්න ගිය මහා ඛේදවාචකයක් වළක්වයි

Report

අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාවලපිටිය බලන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍යට අයත් බස් රථයක් ගංවතුරෙන් වට වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ. එසේම ඒ තුළ සිරවී සිටි මගීන් බේරා ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවලින් පෙන්නුම් කළේ එම ප්‍රදේශය වේගයෙන් ජලයෙන් යටවන බවත්, ජල මට්ටම අඛණ්ඩව ඉහළ යන විට බස් රථය සිරවී ඇති බවත්ය.

මේ අතර නාවලපිටියේ තරුණ පිරිසක් එම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා ලොරි රථයක් භාවිතා කරමින් මගීන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බව වාර්තා වේ.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

ගංවතුරෙන් බස් රථය වට වී තිබියදී බස් රථයේ ජනේල හරහා මගීන්ට පිටතට ඒමට උදව් කරන ආකාරය දර්ශනවල දැක්වේ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ සිදුවීමට නියමිතව තිබූ විශාල ඛේදවාචකයක් වළක්වා ගැනීමට තරුණයින්ගේ මෙම ඉක්මන් ප්‍රතිචාරය සහ නිර්භීතකම උපකාරී වී තිබෙනවා.

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න