කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

Report

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මගින් පේසාලේ වෙරළ තීරයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂනය කර පරීක්ෂා කිරීමේදි මෙම ගංජා තොගය අදාළ නිලධාරීන්ට හමුව ඇත.

නාවික හමුදාව පැවසුවේ සිය භාරයට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 87කට අධික වන බවය.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඩිංගි යාත්‍රාව පේසාලේ වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කර ඇති අතර අදාළ කේරළ ගංජා තොගය සහ ඩිංජි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත

ඉන්දු පකිස්තාන් සටන් විරාමය කැඩේ

ඉන්දු පකිස්තාන් සටන් විරාමය කැඩේ