රට පුරා පීඩාවට පත්වන ජනතාවට නාවික හමුදාවෙන් දැනුම්දීමක් - ආපදා සහන කණ්ඩායම් 171ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් තබා ඇති බව නාවික හමුදා මාධ්ය ඒකකය දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දැනුම් දී තිබෙන්නේ ඊයේ (14) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් පහක් (05) මධ්යම සහ සබරගමුව පළාත් තුළ ස්ථානගත කර ඇති බවයි.
එසේම බටහිර නාවික විධානය මඟින්; නාවලපිටිය ප්රදේශයේ එක් (01) කණ්ඩායමක්, ගම්පොළ ප්රදේශයේ එක් (01) කණ්ඩායමක් සහ රත්නපුර ප්රදේශයේ කණ්ඩායම් තුනක් (03) ලෙස ආපදා සහන කණ්ඩායම් පහක් (05) අවශ්යතාවය මත යෙදවීමට ස්ථානගත කර ඇති බව සඳහන්.